Monday, May 6, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා පළමු T-20 තරග දෙකේ ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණී අවසන්




සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රි ලංකාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස පළමු සහ දෙවන තරගවලට අදාළ ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එම තරග දෙක ජුනි 07 සහ 08 යන දෙදින පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදියි. 

මේ අතර ගාල්ල සහ පල්ලෙකැළේ ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිත ටෙස්ට් සහ එක්දින තරගවලට අදාළ ප්‍රවේශ පත්‍ර ලබන 08 සහ 26 දිනවලදී මිලදී ගත හැකි බවයි  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.