Friday, May 17, 2024

General line - 0115112241

නේපාලයේ චීන ව්‍යාපෘති රැසක් අතහැර දැමේ




නේපාලයේ සංවර්ධනයට  විශාල වශයෙන් දායක විය හැකි බවට  ප්‍රකාශ වූ  චීන ආධාර මත ක්‍රියාත්මක මහා පරිමාණ ව්‍යාපෘති රැසක් මේ වන විට අතහැර දමා ඇති බව වාර්තාවනවා.

පසුගිය 2015 සිට මේ දක්වා වන කාලය තුළ යටිතල පහසුකම් ඉදිකිරීම සම්බන්ධයෙන් නේපාලය චීනය සමඟ ගිවිසුම් ගණනාවක් අත්සන් තබා තිබෙනවා. 
චීනය 2017 මැයි මාසයේදී, සන්නිවේදන තාක්ෂණ, ජලවිදුලි හා බලශක්ති ව්‍යාපෘති සඳහා තවදුරටත් ආයෝජනය කිරීමට අමතරව, මාර්ග, දුම්රිය, වරාය සහ ගුවන් සේවා ගොඩනැගීම හරහා නව සම්බන්ධතා මාර්ග විවෘත කිරීමේ අරමුණින් ද  නේපාලය සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කළා

කෙසේවෙතත්, මේ වන විට එම  ආයෝජන ව්‍යාපෘති රැසක් අතහැර දමා හෝ දැඩි ප්‍රමාදවීම්වලට ලක්ව ඇති බව සදහන්.

නේපාල ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය ජග්දීෂ් චන්ද්‍ර පොක්‍රෙල් සදහන් කරන්නේ, චීනය විසින් මුල පුරා ඇති විශාල ව්‍යාපෘති සමඟ ඉදිරියට යාමට නොහැකි වීමේ දුර්වලතාවයක් නේපාලයට ඇති බවයි.

ආර්ථික, යටිතල පහසුකම් සහ පාරිසරික ගැටළු ගණනාවක් ඊට බලපා ඇති බව විශේෂඥයන්ගේ අදහසයි.

කොවිඩ් වසංගතය මෙම ගැටළු තවත් උත්සන්න කර ඇති බවත් මේ සියල්ල හේතුවෙන් අදාළ ව්‍යාපෘති රැසක් අත්හැර දැමීමට සිදුව ඇති බවත් සදහන්.