Monday, May 13, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැදගත් තීරණයක් ගනියි




ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංචාරයේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සියලුම ආදායම ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකික ජනතාවට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

.ඕස්ට්‍රේලියානු සංචාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ආදායමක් අපේක්ෂා කර සිටින බවයි සඳහන් කර සිටින්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ප්‍රකාශ කළේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමේ සම්පූර්ණ මුදල් මහජනතාවට පරිත්‍යාග කරන බවයි.