Sunday, May 12, 2024

General line - 0115112241

ගාස්තු වැඩි කිරීමට යෝජනා කළ බව විදුලිබල මණ්ඩලය කියයි




විදුලිබිල වැඩි කළ යුතු බවට සිය ආයතනය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු පවසනවා. 

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියාසිටියේ විදුලිබල මණ්ඩලයේ පාඩුව අවමකර ගැනීම සඳහා විදුලිබිල සාධාරණ ප්‍රතිශතයකින් ඉහල දැමීමට සිදුවන බවයි. 

විදුලිබල පනත සංශෝධන කිරීමේ සූදානම සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේ දී විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා අදහස් පල කළා.