Sunday, May 12, 2024

General line - 0115112241

මෝදර වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට




මෝදර රෙඩ්බානා වත්ත ප්‍රදේශයේ අද පස්වරු 05ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් 24 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබෙනවා. ත්‍රීරෝද රථයකින් පැමිණි කණ්ඩායමක් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ. 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අදාළ තරුණයා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ. 

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ මෝදර අළුත් මාවත පදිංචිකරුවෙක්. මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බ්න්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගතව සිට මෑතකදී නිදහස් වී ඇති අයෙකු බවයි පොලීසිය වඩිදුරටත් සදහන් කළේ.