Sunday, May 12, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදය හමුවේ ගනු ලැබූ ක්‍රියා මාර්ග ගැන ජනපති කතා කරයි




ජාත්‍යන්තර අරමුදලේ පිහිට පැතීමට බොහෝ කාලයක් බලා සිටිය බවත්, අවම වශයෙන් මීට මාස 06කට හෝ අවුරුද්දකට පෙර IMF වෙත ගියා නම් දැනට පවතින තත්වයට නොපැමිණිමට ඉඩ තිබු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

ජාත්‍යන්තර Bloomberg වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ජාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකර තිබුනේ මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික ගැටළු සමබන්ධයෙන් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

" ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය හමුවේ තමන් ඉන්දියාවෙන් සහ චීනයෙන් උදව් ඉල්ලු බවත්, තමන් පෞද්ගලිකව එම රටවල නායකයින්ට කතා කොට එම ලිපි මාර්ගයෙන් ඒ ගැන දැනුම් දුන් බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර සිටින්නේ. එමෙන්ම තමන් විශේෂයෙන්ම කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි මැද පෙරදිග රටවල නායකයින්ට ද පෞද්ගලික කතා කළ බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබෙනවා.

එමෙන්ම බොරතෙල් සැපයීම සඳහා දිගුකාලින කොන්ත්‍රාත්තු සඳහා උපකාර ලබා ගැනීම සඳහා සෞදි අරාබිය සහ ඕමානය සමග සාකච්ජා කළ බව" ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

“ජනාධිපතිවරයෙකු ලෙස එය දේශපාලනිකයි. නුමුත් මම දේශපාලකයෙක් නෙවෙයි. වාසනාවකට හෝ අවාසනාවකට මිනිසුන් මෙතරම් කාලයක් දේශපාලනයේ සිටින විට ඔබට බොහෝ මිතුරන් සිටිනවා. උදව් අවශ්‍ය බොහෝ අය ඔබේ ආධාරකරුවන්. ඔබ ඊට එරෙහිව යන විට, ( මම එයට එරෙහිව යාමට උත්සාහ කළා) ඒ අවස්ථාවේදී ඔබට ඔවුන්ගෙන් උපකාරයන් ලැබෙන්න නැහැ" යැයි ජනාධිපති වශයෙන් තමන් මුහුණ දෙන අරගලයන් ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.