Monday, May 13, 2024

General line - 0115112241

එප්පාවල ද්විත්ව ඝාතනයක්




එප්පාවල ඇඳගල ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්ව  ඇත්තේ වයස අවුරුදු 32ක සහ 48ක පුද්ගලයින් දෙදෙනෙක්. 

ඊයේ රාත්‍රියේ එම පුද්ගලයින් දෙදෙනා අදාළ නිවසේ මත්පැන් පානය කරමින් සිටියදී කිසියම් පාර්ශවයක් එම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ. පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලීසිය සැක පල කරනවා.