Tuesday, May 14, 2024

General line - 0115112241

පොලිස් රාජකාරියට බාධා කළ මන්ත්‍රී පුතා සහ බිරිඳ රිමාන්ඩ්




පොලිසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුතා සහ ඔහුගේ බිරිඳ හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම පිවිසුම් මාර්ගයේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයාට සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල වී තිබුණා. 

ඒ අනුව දින කිහිපයකට පසුව ඔවුන් ඊයේ වීරකැටිය පොලිස් ස්ථානය වෙත භාරවීමෙන් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව සැකකරු සහ සැකකාරිය හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා.