Tuesday, May 14, 2024

General line - 0115112241

යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ජගත් කොඩිතුවක්කු පත් කෙරේ




ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ජගත් කොඩිතුවක්කු පත් කර තිබෙනවා. අද පස්වරුවේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබාගෙන තිබෙනවා.   

ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදාවේ 60වන මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ජගත් කොඩිතුවක්කු සිය රාජකාරීය ආරම්භ කිරීමට නියමිතයි. 

මේජර් ජනරාල් ජගත් කොඩිතුවක්කු මීට පෙර නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යාපනය ආරක්ෂක සේනා අඥාපති, යුධ හමුදා පාබල බල සේනාවේ ආඥාපති ඇතුළු ඉහල තනතුරු රැසක් හොබවා තිබෙනවා.