Tuesday, May 14, 2024

General line - 0115112241

කොළඹ වාණිජ මහාධිකරණ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කෙරේ




රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් A 330 ගුවන් යානය රදවා තබා ගැනීමේ සිද්ධියට අදාළ කොළඹ වාණිජ මහාධිකරණය මගින් නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාවේ යෙදවීමේදී අධිකරණ ක්‍රියාවලිය අයුතු ලෙස යොදවා ගෙන ඇති බවට චෝදනාවට ලක්ව සිටින කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට අදාළව චෝදනා ලබා ඇති නීතිඥවරයාට එරෙහිව පියවර ගැනීම සුදුසු බව දන්වමින් ගරු අග්‍රවිනිශ්චයකාරතුමා වෙත දන්වා යැවීමට ද අධිකරණ අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.