Monday, May 13, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනයි




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. තරගය නැරඹීම සදහා විශාල පිරිසක් දැනටමත් තරගය පැවැත්වෙන කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට පැමිණ සිටිනවා. 

මෙම තරගයේ දී පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, දසුන් ශානක, වනිදු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ සහ නුවන් තුෂාර ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනවා. 

ඒරන් ෆින්ච්, ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්ක්, ග්ලෙන් මැස්ක්වෙල්, ස්ටීව් ස්මිත්, මාකර්ස් ස්ටොයිනිස්, ඇෂ්ටන් ඒගාර්, මිචෙල් ස්ටක්, කේන් රිචඩ්සන් සහ ජෝෂ් හේසල්වුඩ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇතුළත්. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දු ඕවර 5.4ක් අවසානයේදී එක් කඩුල්ලක් දැවී  ලකුණු 50ක් ලබා සිටිනවා.