Monday, May 13, 2024

General line - 0115112241

ජාතික පොසොන් උත්සවය මෙවර අනුරාධපුරයේ දී




2022 ජාතික පොසොන් උත්සවය මිහින්තලාව, අනුරාධපුර අටමස්ථානය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 2330 වන වරට පවත්වනු ලබන මෙවර පොසොන් උත්සවයේ තේමාව “දේශය මිථ්‍යාවෙන් මුදා ගනිමු” යන්නයි.

එළැඹෙන 10 වනදා සවස ඉසුරුමුණි විහාරය අසලින් පැන් පෙරහැර ආරම්භ වන අතර එදින සන්ධ්‍යාවේ වාර්ෂික සති පිරිත ආරම්භ කිරීමට නියමිතයි. සෑම වසරකම රුවන්වැලිසෑය අභියස හා මිහින්තලා පුදබිමේ පවත්වන හේවිසි මහා පුජාව මෙවර ද පැවැත්වීමට නියමිතයි. 

අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහ දිස්ත්‍රික් ලේකම් ජේ එම් ජේ කේ ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්, ඊයේ පොසොන් උත්සව කමිටුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වී මෙවර පොසොන් උත්සව වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.