Tuesday, May 7, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි




බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනව. 

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැයට කිලෝ මීටර් 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර් 30 ත් 40 ත් පමණ වනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.