Tuesday, May 7, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගැනීමට වළක්වන්නැයි ඉල්ලා ජෝන්ස්ටන් ගෙන් පෙත්සමක්




තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ පසුගිය මැයි මස නව වනදා කොල්ලුපිටිය මයිනා ගෝ ගම සහ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තමාව නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇති බවයි.

ඊට අදාලව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබූ තිබෙන බවද ඔහු පවසනවා.

නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ම සැකකරුවකු වශයෙන් නම් කොට අත්අඩංගුවට ගැනීමට  සූදානම වන අතර එය නීතියට පටහැනි බවයි ඔහු පවසන්නේ.

එබැවින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.