Monday, May 6, 2024

General line - 0115112241

විදුලි ඉංජිනේරුවන් අද රාත්‍රීයේ සිට වර්ජනයක : පනත හෙට පාර්ලිමේන්තුවට ගෙන එන බව ඇමති කියයි




විදුලිබල සංශෝධන පනත අනිවාර්යෙන්ම හෙට දිනයේදී පාර්ලිමේන්තුවට රැගෙන එන බවත් මෙම පනතට විරුද්ධ වන්නේ පුනර්ජනනීය බලශක්ති  උත්පාදනය සඳහා විරෝධය පළ කරන ඉංජිනේරුවරුන් පිරිසක් බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
 
පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.
 
මේ අතර විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් අද මධ්‍යම රාත්‍රීයේ සිට සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කර සිටින්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ ඇතැම් විදුලි ඉංජිනේරුවරුන් රටේ විදුලි සපැයුම විසන්ධි වීමට ඉඩ ඇති බවට සඳහන් කරමින් තර්ජනාත්මක අයුරින් ලිපි පවා යොමු කර ඇති බවයි.