Tuesday, May 7, 2024

General line - 0115112241

පරාජයට හේතුව දුර්වල පිතිකරණයයි - චරිත් අසලංක කියයි




ඔස්ට්‍රේලියාව  සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූයේ පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් බව ක්‍රිකට් ක්‍රීඩක චරිත් අසලංක පවසනවා. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කළා.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 128 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වන ලකුණු 129 පසුකර ගියේ පන්දුවාර 14 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 134 ක් ලබාගනිමින්.

මේ අතර දෙරට අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 යි 20 තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද රාත්‍රි 07 ට ආරම්භ වීමට නියමිතයි.