Tuesday, May 14, 2024

General line - 0115112241

දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයාට සහ ලේලියට ඇප




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා වන රවිඳු වෙදආරච්චි සහ පුත්‍රයාගේ බිරිඳ වන නෙත්මි හරින්දි ද සිල්වා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, වලස්මුල්ල මහේස්ත්‍රාත් මහේෂි විජේතුංග ලබාදුන් නියෝගයකට අනුවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කිරීම යටතේ ඔවුන් ඉකුත් දා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී අධිකරණය නියෝග කළේ සැකකරු සහ සැකකාරිය අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.