Tuesday, May 7, 2024

General line - 0115112241

පුහුණු එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියා A පිලට කඩුලු 07ක ජයක්




අද පැවති පුහුණු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලු 07 කින් පරාජය කිරීමට ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායම සමත් වුවා. තරගය පැවැත්වුනේ කොළඹ SSC ක්‍රීඩා පිටියේදී.

කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා ඒ පිලට ආරාධනා කර සිටියා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 50 තුලදී කඩුලු 7ක් දැවී ලකුණු 297ක් රැස් කිරීමට සමත් වුවා. ශ්‍රී ලංකා ඒ පිල වෙනුවෙන් ඔෂද ප්‍රනාන්දු ලකුණු 65, ධනංජය සිල්වා ලකුණු 68, අශේන් බණ්ඩාර ලකුණු 48ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 42ක් රැස් කිරීමට සමත් වුවා.

ලකුණු 298ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායම පන්දු ඕවර 47.4ක් තුලදී කඩුලු 3ක් පමණක් දැවී තරගය ජය ගනු ලැබුවා.

ඕස්ට්‍රේලියානු ඒ පිල වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරතවු කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 119ක් සහ ඇලෙක්ස් කේරි නොදැවී ලකුණු 52ක් රැස් කර ගනු ලැබුවා.