Monday, April 29, 2024

General line - 0115112241

T-20 තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට




ශ්‍රී ලංකාව සමග පැවති දෙවන විස්සයි 20 තරගයෙන් කඩුලු 03කින් ජයග්‍රාහණය කිරීමට ඕස්ට්‍රේලියානු පිල සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20 අවසානයේදී කදුලු 9ක් දැවී ලකුණු 124ක් රැස් කර ගනු ලැබුවා. 

චරිත් අසලංක ලකුණු 39ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට පිත්තෙන් දායකත්වය දැක්වුවා.

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාවේ කේන් රිචඩ්සන් ලකුණු 30ට කඩුලු 4ක් දවා ගනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර් 17.5කදි කඩුලු 7ක් දැවී ලකුණු 127ක් ලබා ගනිමින් ජයග්‍රාහණය තහවුරු කර ගැනීමට සමත් වුණා.

මැතිව් වෙඩ් නොදැවී ලකුණු 26, ඇරොන් ෆින්ච් ලකුණු 24. 

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වනිදු හසරංග ලකුණු 33ට කඩුලු 4ක් දවා ගනු ලැබුවා.

ඒ අනුව තරග 03 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියානු පිල සමත් වුණා.