Monday, April 29, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ




ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා. සංචිතයට ක්‍රීඩකයින් 21 දෙනෙකු අයත්. 

ඒ අතරට නවක ක්‍රීඩකයින් වන දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුෂාන් සහ නුවන් තුෂාර ද අයත්ව සිටීම විශේෂත්වයක්. එමෙන්ම ධනංජය ද සිල්වා සහ ලහිරු මදුසංඛ යළිත් වරක් ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබෙනවා. 

මීට අමතරව ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ සහ නිරෝෂන් දික්වැල්ල ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්. දෙරට අතර තරග 05 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 14 වනදා ආරම්භ වනවා.