Monday, April 29, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකා A පිලට කඩුලු 4ක ජයක්




සංචාරක ඔස්ට්‍රේලියානු A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර දෙවන එක්දින තරගය කඩුලු 4 කින් ජය ගැනීමට ශ්‍රී  ලංකා කණ්ඩායම අද සමත් වුණා. 

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළ අතර ඒ අනුව ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පන්දුවාර 48.4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 312ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී ඔස්ට්‍රේලියානු A කණ්ඩායම වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් ලකුණු 110 ක්,එරෝන් හාර්ඩි ලකුණු 58 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද් මදුෂාන් කඩුලු 4 ක් හා නිසල තාරක හා සහන් ආරච්චිගේ කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 48 වන පන්දුවාරයේ පස් වන පන්දුවේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වුණා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 83 ක්, අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 73 ක් ලබා ගැනීමට සමත් වුණා.