Friday, May 17, 2024

General line - 0115112241

ඉල්ලුම වැඩිවීමෙන් වී මිලත් ඉහළ ගිය බව කෘෂිකර්ම ඇමති කියයි




ඉදිරියේදී ඇතිවෙතැයි අපේක්ෂිත ආහාර අර්බුදයේ බලපෑම දරුණු මට්ටමට පත් නොවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු කියා සිටියේ යල කන්නයේ කුඹුරු අස්වැද්දීම මේවනවිට අපේක්ෂා කළ මට්ටම පවා ඉක්මවා යමින් ඇති බවයි.

කෙසේවෙතත් ලෝක ආහාර අර්බුදය හමුවේ එහි බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වීම නතර කළ නොහැකි වනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා. අගෝස්තු මාසයෙන් පසුව ආහාර හිග වනු ඇතැයි පුරෝකථනය කර තිබුණ ද එවැනි තත්ත්වයක් ඇතිවීම ලබන වසරේ ජනවාරි දක්වා ඈතට ගොස් ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඉදිරියේදී ඇතිවන ආහාර අර්බුදයට මුහුණදීමට මේවනවිට ගෙන ඇති පියවර ප්‍රමාණවත්දැයි නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගය හරහා කළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දක්වමින්. 

ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයේ බරපතලකම සහ ඊට ඇති සූදානම සම්බන්ධයෙන් සිදුකළ මෙම සම්පූර්ණ සාකච්ඡාව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.