Friday, May 17, 2024

General line - 0115112241

පුණර්ජනනීය බලශක්තිය නැතිව රටට සිදුවූ පාඩුව ගැන අනාවරණයක්




පුණර්ජනනීය බලශක්තිය මෙරට තුළ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රටට දැවැන්ත පාඩුවක් සිදුවූ බව බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින් පවසනවා. ඔවුන් කියා සිටියේ දැන් හෝ පුණර්ජනනීය බලශක්තියට ශ්‍රී ලංකාව යොමු නොවුන හොත් පවතින අර්බුදය තවත් තීව්‍ර වනු ඇති බවයි. 

මේවනවිට ඉන්ධන දහනයෙන් නිපදවන විදුලි ඒකකයක මිල රුපියල් 100 කට ආසන්න වන බවත්, ගල්අගුරු යොදා නිපදවන විදුලි ඒකකයක මිල රුපියල් 50 ක් වන බවත්, බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින් පෙන්වා දෙනවා. දැනට පුණර්ජනනීය බලශක්තියෙන් නිපදවන විදුලි ඒකකයක මිල රුපියල් 17 ක් වුවද, එය රුපියල් 30 කට මිලදී ගත්තද, ශ්‍රී ලංකාවට මේ මොහොතේ වාසිදායක බව බලශක්ති විශේෂඥයෙකු වන ආචාර්ය විදුර රළපනාව පැවසුවා. 

ඔහු කියා සිටියේ විදුලිබල මණ්ඩලය දිගින්දිගටම පොසිල ඉන්ධන මත විදුලිය නිෂ්පාදනය කිරීමට ඇති දැඩි උනන්දුව දැන් හෝ අවම කළ යුතු බවයි. 

බලශක්ති කේෂ්ත්‍රයේ විශේෂඥයෙකු වන ජීව බලශක්ති සංගමයේ හිටපු සභාපති ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ පැවසුවේ වත්මන් ඉන්ධන අර්බුදයට ප්‍රධාන හේතුව වූයේ ඉන්ධන යොදා වැඩිවශයෙන් විදුලිය උත්පාදනය බවයි.

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනතේ ඇති ඇතැම් ලිහිල්භාවයන්, නිවැරදි වුවහොත් මෙම පියවර සාධනීය පියවරක් වනු ඇතැයි ඔහු කිපයා සිටියා. 

ඉකුත් දා වැඩවර්ජනයක ද නිරත වූ විදුලි ඉංජිනේරුවරුන් පැවසුවේ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත හරහා තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව විදුලි උත්පාදන ව්‍යාපෘති ලබාදීමට අවස්ථව සැලසෙන බවයි. කෙසේවෙතත් පෙරේදා දිනයේ පාර්ලිමේන්තුවේදී අදාළ පනත සංශෝධනය වූයේ අදාළ වගන්තිය ද ඇතුළත්වයි. 

ඒ අනුව වර්ජනයේ නිරත වූ වෘත්තීය සමිතිවලින් ඉදිරියේදී ගන්නා පියවර කුමක්දැයි නෙත් නිවුස් විමසීමක් කළා. මේ, ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර.