Friday, May 17, 2024

General line - 0115112241

කැකුළු සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්




දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 210ක් ලෙස සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම නියෝගය ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. 

කිසිදු නිෂ්පාදකයෙකු, සාදන්නෙකු, සැපයුම්කරුවෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් උපරිම සිල්ලර මිල ඉක්මවා වෙළදාම් කිරීම, සැපයීම, වෙළදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළදාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු වනවා.