Friday, May 10, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා 03 වන 20 යි 20 තරගය අද




ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. තරගය අද රාත්‍රී 07 ට ආරම්භ වීමට නියමිතයි. 

ඔස්ට්‍රේලියාව අද පිටියට පිවිසෙන්නේ 3 ට 0 ක් ලෙස පූර්ණ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් ලබාගැනීමේ අරමුණින්. ඒ, ඔවුන් මේ දක්වා පැවැති තරග 02 ම ජයගෙන තිබීමත් සමගයි. ඒ අනුව ශ්‍රී ලංකා පිළට අද තරගයට පිවිසීමට සිදුව ඇත්තේ තම මව්රටේදී 3 ට 0 ක් ලෙස 20 යි 20 තරගාවලි පරාජයකින් මිදීමටයි. 

අද තරගයේදී චරිත් අසලංක තවත් ලකුණු 05 ක් ලබාගත හොත් ඔහුට පන්දුවාර 20 ක්‍රිකට් තරගවල ලකුණු 500 සීමාව පසුකර යාමට අවස්ථාව උදා වනවා. දුෂ්මන්ත චමීර අද තරගයේදී තවත් කඩුළු 02 ක් දවාගත හොත් ඔහුට පන්දුවාර 20 යි 20 කඩුළු 50 සීමාව පසුකර යාමට ද අවස්ථාව උදා වනවා.