Thursday, May 9, 2024

General line - 0115112241

කසුන් රාජිත සහ මතීෂ පතිරණ අද තරගයෙන් ඉවතට




ඔස්ට්‍රේලියාව සමඟ අද පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන්නන් දෙදෙනෙකුට අවස්ථාව අහිමි වී තිබෙනවා. එලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වී ඇත්තේ කසුන් රාජිත සහ මතීෂ පතිරණටයි. 

පුහුණු වීම් අතරතුර අබාධයන්ට ලක් වීම හේතුවෙන් ඔවුන් අද තරඟයට සහභාගී නොවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. අබාධයට ලක් වූ ඔවුන් දෙදෙනා වෙනුවට අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් සංචිතයට කැඳවා තිබෙනවා. 

දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.