Thursday, May 9, 2024

General line - 0115112241

කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාව පළමුව පිත්ත අතට ගනියි




ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. 

දෙවන 20යි 20 තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සහිතව අද තරගයට සහභාගී වනවා. ඒ, අනුව නුවන් තුෂාර වෙනුවට අද තරගයට එක්වන්නේ ප්‍රවීන් ජයවික්‍රමයි. 

ඔස්ට්‍රේලියානු කණ්ඩායමද අද තරගයට සහභාගී වන්නේ එක් වෙනස්කමක් සහිතවයි. ඒ, මිෂෙල් මාෂ්ක් වෙනුවට ජොශ් ඉන්ග්ලිශ් එක්කරමින්. එම තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.