ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවැති පන්දුවාර 20 යි 20 අවසන් තරගයේදී වාර්තාවක් පිහිටුවීමට නායක දසුන් ශානක සමත්වුණා. ඒ, 20 යි 20 තරගයක අවසන් පන්දුවාර 4 දී ලකුණු 50 ක් රැස්කර ලොව පළමු පිතිකරුවා බවට පත්වෙමින්.
මේ අතර මෙම තරගය ජයග්‍රහණය කිරීම එළඹෙන එක්දින තරගාවලියට සාර්ථකව මුහුණදීමට පිටුවහලක් වනු ඇති බවයි භානුක රාජපක්ෂ සඳහන් කළේ. ඊයේ තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළා.
මීට පෙර පැවැති තරග 02 දී පිතිකරණ ලැයිස්තුවේ භානුක රාජපක්ෂගේ ස්ථානය වෙනස් වීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී විමසීමක් කළා.