ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක සමත් වුණා. මෙම තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා.
නවක ක්‍රීඩකයෙකු වන දුනිත් වෙල්ලාලගේට අද එක්දින වරම් හිමිවුවා. ශාන්ත ජෝසප් විදුහලෙන් බිහිවූ ඔහු පසුගිය වසරේ පැවති ICC 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවා.
මේ අතර ඉකුත් විස්සයි 20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කළ භානුක රාජපක්ෂ වෙනුවට අද තරගයට ධනංජය සිල්වා කැඳවා තිබෙනවා.