Monday, May 20, 2024

General line - 0115112241

මහා පරිමාණ මෝල් හිමියන්ගේ වංචාවක් ගොවින් හෙළි කරයි




මේවනවිට වෙළඳපලේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යමින් ඇතැයි ජනතාව චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ පාලන මිලක් පැනවුවද, එම මිලට සහල් සොයා ගැනීම තරමක් අපහසු බවයි. 

කෙසේවෙතත් වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් පැවසුවේ රජයේ පාලන මිලට වඩා අඩුවෙන් වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී තොග සහල් කර වෙළඳපලට නිකුත් කරන බවයි. 

මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයට ගොවි සංවිධාන අද ප්‍රතිචාර දැක්වුවා. මේ, අනුරාධපුර මහාවාරි ඒකාබද්ධ ගොවි සංවිධානයේ ප්‍රධාන ලේකම් පුංචිරාළ රත්නායක. 

කුඩා හා මහා පරිමාණ මෝල් හිමියන් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ, සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ කේ සේමසිංහ. 

සමස්ථ ලංකා ගොවිජන සේවා සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ මහා පරිමාණ මෝල් හිමියන් මෙවර ද වංචා සහගත වැඩපිළිවෙළක නිරත වන බවයි. 

මේ අතර ඉන්ධන මිලෙහි ද යම් වෙනසක් සිදුවනු ඇතැයි විවිධ වාර්තා පළ වුවද, මේ දක්වා එවැනි කිසිඳු නිල නිවේදනයක් ප්‍රකාශයට පත්වී නැහැ.