Monday, May 20, 2024

General line - 0115112241

ඖෂධ හිඟයට ප්‍රමාණවත් පිලියමක් මෙතෙක් ලබාදී නැහැ - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්




රෝහල් තුළ පවතින ඖෂධ හිගයට මේ දක්වා පිළිගත හැකි විසඳුමක් ලැබී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ රෝහල් තුළ පවත්වාගෙන යා යුතු තරම් ඖෂධ තොග නොමැති බවයි. 

මේ අතර රෝහල්වල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදී විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ද අදහස් පළ කළා. 

කෙසේවෙතත් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා රජය සතුව රුපියල් මිලියන 450 ක් ඇති බවයි. 

කෙසේවෙතත් ඖෂධ ඇනවුම් කිරීමෙන් අනතුරුව ඒවා නිෂ්පාදනය කර මෙරටට ලැබීමට යම් කාලයක් ගතවන බැවින් පවතින ඖෂධ හිගය මගහරවා ගැනීමට ජූලි මාසය දක්වා කල් ගතවනු ඇති බව අමාත්‍යවරයා පැවසුවා.