Monday, May 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට සහය දියහැකි ආකාරය ගැන IMF නියෝජිතයින් ජනපතිට කියයි




ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති නියෝජිතයින් පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මුණගැසුණා. ඒ, කොටුව ජනාධිපති මන්දිරයේදීයි. සතියක කාලයක් මෙරට රැඳී සිටින එම නියෝජිත පිරිස මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹීමට අදාළ සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ දීර්ඝ ලෙස අධ්‍යයනය කරමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. 

අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යංශය, මහ බැංකුව ඇතුළු මෙරට ආර්ථික බලධාරීන් මෙන්ම විශේෂඥයන් සමග සිදු කළ සාකච්ඡා සහ වත්මන් තත්ත්වය පිළිබඳ එම නියෝජිතයින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහායවීමට අපේක්ෂා කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවසා ඇත්තේ. 

පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කළ ජනාධිපතිවරයා මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහායවීම සම්බන්ධයෙන් ජාත්‍යනතර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසට සිය ස්තූතිය පළ කර තිබෙනවා.