Monday, May 20, 2024

General line - 0115112241

ටයර් සහ බැටරි මිල ඉහළ යාමෙන් ලංගම බස් කොට උඩ




ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බොහෝ බස්රථ මේ වන වනවිට ධාවනයෙන් ඉවත් කර තිබෙනවා. ඒ, එම බස් රථ සඳහා අවශ්‍ය ටයර් සහ බැටරි නොමැතිවීම හේතුවෙන්. 

පවතින ඉන්ධන ගැටලුව හමුවේ පොදු ප්‍රවාහනය භාවිත කරන ලෙස ජනතාව දැනුවත් කළ ද මෙම පවතින තත්ත්වය හේතුවෙන් ලංගම බස් රථ ධාවනය වීම කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා. මේ හේතුවෙන් ධාවනය වන බස් රථවලද දක්නට ලැබෙන්නේ දැඩි තදබදයක්. 

මෙලෙස ටයර් සහ බැටරි හිඟවීමට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බැටරි සහ ටයර් සපයන සැපයුම්කරුවන් ඒ සඳහා වැඩි මුදලක් ඉල්ලා සිටීමයි. ඒ, ඩොලරයේ අගය ඉහළ යාමත් සමග ඇතැම් ආනයනික අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන්.

කෙසේවෙතත් ටයර් සහ බැටරිවල මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට තීරණයක් ගැනීමට නොහැකි බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඒ අනුව එම තීරණය ගනු ලබන්නේ මහා භාණ්ඩාගාරය විසින්. මෙම මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණය බොහෝවිට අද හෝ හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.