Tuesday, May 14, 2024

General line - 0115112241

අගමැති පක්ෂ නායකයින් සමග සාකච්ජා කරයි : සජිත් - අනුර පිල රැස්වීමට නොඑයි




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින් කිහිප දෙනෙකු සමඟ මූලික සාකච්ඡා පවත්වා තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය දැනුම් දී සිටිනවා.

රටේ උද්ගතව ඇති තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීම සඳහා කථානායකවරයා විසින් සංවිධානය කරන ලද රැස්වීමකදී ස්වල්පය වේලාවකින් සියලුම පක්ෂ නායකයින් රැස්වීමට නියමිතයි.

මේ අතර අග්‍රාමාත්‍යවරයා කැඳවා තිබෙන පක්ෂ නායක රැස්වීමට සමගී ජනබල වේගය සහ ජාතික ජනබල වේගය පක්ෂය සහභාගී නොවන බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.