Tuesday, May 14, 2024

General line - 0115112241

අගමැතිගේ පෞද්ගලික නිවස අසල විරෝධතාවයක් : පිරිස විසුරුවන්න පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්




කොල්ලුපිටියේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවස අසල පැවැත්වෙන විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසියෙන් අධී පීඩන ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා ද වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලමින් මේ වන විට විරෝධතාකරුවන් කොල්ලුපිටියේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කලේ අද සවස 5.00 ට පමණයි.