Tuesday, May 14, 2024

General line - 0115112241

දේශපාලන ස්ථාවරත්වය කඩිනමින් තහවුරු නොකළහොත් ආර්ථික අර්බුද උග්‍ර විය හැකි බව විද්වතුන් පෙන්වයි




ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා රටේ ස්ථාවර දේශපාලන තත්ත්වයක් ඇති කිරීම ඉතා වැදගත් බව ආර්ථීක විශ්ලේෂකයින් පවසනවා. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ පැවසුවේ සමාජයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තවදුරටත්  ආර්ථික ගැටළු උග්‍රවිය හැකි බවයි. 

උද්ධමනය පාලනය කිරීම  සදහා නිෂ්පාදනය ඉහළ නැංවීමට තවමත් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද මහාචාර් ජනක් කුමාරසිංහ මෙහිදී පෙන්වා දුන්නා.  

ඉකුත් මාසයේ උද්ධමනය සියයට 54 යි දශම 6 දක්වා ඉහළ ගියා. එය ඉදිරි මාසවලදී සියයට 70 ක් දක්වා ඉහළ යා හැකි බවයි මහ බැංකු අධිපතිවරයා ඉකුත් දා ප්‍රකාශ කළේ. ඊට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය ජනක් කුමාරසිංහ මෙම අදහස් පළ කළා.