Tuesday, May 14, 2024

General line - 0115112241

ඉන්ධන සැපයීමට වැඩපිළිවලක් සකස් කරන්න : සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවධානමක් - වෛද්‍යවරුන් කියයි




සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ඉන්ධන ලබාදීමට තිරසාර වැඩපිළිවෙළක් සකස් කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එසේ නොවුනහොත් සෞඛ්‍ය සේවය බිඳවැටීමෙන් රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්වනු ඇති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ. 

මේ අතර ඉන්ධන ලබාගැනීම සඳහා ෂධක්‍ පිරවුම්හල් ආශ්‍රිතව අද අලුයම ද දිගු පෝළිම් දක්නට ලැබුණා. ඒ, එම සමාගම ඊයේ දිනයේ සිට පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම යළි ආරම්භ කර ඇති පසුබිමක් තුළයි. 

මේ අතර අද දිනයේ සිය බස්රථ 200 කටත් වඩා අඩු සංඛ්‍යාවක් පමණක් ධාවනය කෙරෙන බවයි අන්තර් පළාත් පෞද්ගලික බස්රථ සංගමය පැවසුවේ. මේ, එහි සභාපති සරත් විජිත කුමාර. 

කෙසේවෙතත් අද දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ කන්සන්තුරය සිට කිලිනොච්චිය දක්වා නව කාර්යාල දුම්රියක් ද අද සිට ධාවනයට එක් කරන බවයි.