Tuesday, May 14, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් ලැබුණු පොහොර තොගය බෙදා දීමේ ගැටලුවක්




ඉන්දියාවෙන් මෙරටට ලැබුණු යූරියා පොහොර තොගය බෙදාහැරීමේ කටයුතුවලට ගැටළු මතුවී තිබෙනවා. ඒ, එම රාජකාරීවල නිරත නිලධාරීන්ට සේවයට වාර්තා කිරීම සදහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙන්.  

අද දිනයේ එම නිලධාරීන් සදහා ඉන්ධන ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.

ගොවීන්ට යූරියා පොහොර කඩිනමින් බෙදාහැරීම සදහා නිලධාරීන්ගේ නිවාඩු ද අවලංගු කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට හිමි වන සමස්ත යූරියා පොහොර තොගය මෙට්ට්‍රික් ටොන් 64,000 ක්. ඉන් මෙටි්‍රක් ටොන් 43,000 ක් රැගත් පළමු නෞකාව පෙරේදා දිනයේ දිවයිනට ළඟා වුණා. 

එම පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ඊයේ දිනයේ නිල වශයෙන් භාරදෙනු ලැබුවේ මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ විසින්.  එම පොහොර තොගය දින 10 ක් ඇතුළත ගොවීන් වෙත බෙදා හරින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.