Tuesday, May 14, 2024

General line - 0115112241

කොළඹට ගෑස් බෙදාහැරීම අද සිට - තවත් ගෑස් නෞකාවක් පස්වරුවේ දිවයිනට




අද පෙරවරු 11 න් පසුව ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් කිරීමට හැකි වනු ඇතැයි ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ අද සහ හෙට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට බෙදාහරින බවයි. 

ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,700ක් අඩංගු නෞකාවක් දිවයිනට පැමිණේ ඊයේ දිනයේයි. ඒ අනුව ඊයේ පස්වරුවේ සිට ගෑස් ගොඩබෑම ආරම්භ කළ බවද ඔහු සදහන් කළා.

තවත් ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,740 ක් අඩංගු නෞකාවක් අද දිනයේ දිවයිනට ළගාවීමට නියමිතයි. ඉදිරියේදීත් ගෑස් තොග රැගත් නෞකා කිහිපයක්ම දිවයිනට ළඟාවීමට නියමිත බවද ලිට්‍රෝ සභාපතිවරයා පැවසුවා.

කෙසේවෙතත් කොළඹ සහ අවට ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවලට ගෑස් තොග ලබාදෙන දිනය ප්‍රකාශ කරන තෙක් පෝලිම්වල රැදී නොසිටින ලෙසටද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කළා.