Tuesday, May 14, 2024

General line - 0115112241

අරගල භූමියට ප්‍රහාරයක් එල්ල කරන බවට පළ වන වාර්තා ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රතික්‍ෂේප කරයි




ගාලුමුවදොර අරගලභූමියට මෙන්ම ජනාධිපති මන්දිරයට ප්‍රහාරයක් එල්ල කරන බවට සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත් අසත්‍ය බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසනවා. අරගල භූමිය සහ ජනාධිපති මන්දිරයට ප්‍රහාරයක් එල්ල කර එහි සිටින අරගලයේ නිරත සාමාන්‍ය ජනතාව ඉවත් කිරීමට ආරක්‍ෂක අංශ සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සංසරණය වුණා. 

ඒ සදහා එම ස්ථානවලට හමුදා භට පිරිස් විශාල වශයෙන් ඊයේ රාත්‍රියේ යොදවා ඇති බවයි සමාජ මාධ්‍යයේ සංසරණ වූ පුවත්වල වාර්තා කර තිබුණේ. එහෙත් එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට කිසිදු සූදානමක් නොමැති බව ආරක්‍ෂක අමාත්‍යාංශය සදහන් කළා.

මේ අතර ඉකුත් 9 වනදා අරගලයේ නිරත සාමාන්‍ය ජනතාව විසින් අත්පත් කර ගත් ජනාධිපති මන්දිරය නැරඹීමට ඊයේ දිනයේද විශාල පිරිසක් එක්ව තිබුණා. එමෙන්ම ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ අරගලයේ නිරත සාමාන්‍ය ජනතාවගෙන් කොටසක් තවදුරටත් රැදි සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් වන තෙක් තමන් එම ස්ථානවල තවදුරටත් රැදී සිටින බවද ඔවුන් සදහන් කළා.