Tuesday, May 14, 2024

General line - 0115112241

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි




හෙට දිනයේ ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සො අබේගේ හදිසි අභාවය හේතුවෙන්. එදින සියළුම රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම්දීමක් කර ඇත්තේ.

හෙට දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ ද රජයේ නිවාඩු දිනයක් නොවන බවයි නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ සදහන් කළේ.

ඉකුත් 8 වනදා වෙඩි ප්‍රහාරයකට ලක්ව ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ අභාවප්‍රාප්ත වුණා. ජපාන පාර්ලිමේන්තුවේ මැතිවරණයට සමගාමීව නාරා නගරයේ පැවැති පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දේශපාලන රැස්වීමක් අමතමින් සිටියදීයි

ෂිංසෝ අබේ වෙඩි ප්‍රහාරයට ලක්වුණේ. අනපේක්ෂිත ලෙස ඔහු එලෙස සිය දිවියට සමුදුන්නේ දීර්ඝතම කාලයක් ජපානයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ පුද්ගලයා මෙන්ම ජාත්‍යන්තරය තුළ වැඩිම කීර්තියට පත් ජපන් අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුගේ නම එරට ඉතිහාසය තුළ සනිටුහන් කරමින්. ෂිංසෝ අබේ යනු ලොව රටවල් රැසක රාජ්‍ය නායකයින් සමග ඉතා සමීපව කටයුතු කළ පුද්ගලයෙක්.