Wednesday, May 15, 2024

General line - 0115112241

කෝටි 04කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් STF අත්අඩංගුවට




අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 329 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී තිබෙනවා. 

ඒ, සුඛෝපභෝගි මෝටර් රථයකින් එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත වත්තල හැදල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදීයි. 

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබෙනවා. සැකකරු මන්නාරම ප්‍රදේශයේ සිට එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.