Tuesday, May 14, 2024

General line - 0115112241

නීතිය හා සාමය ආරක්ෂා කරන්න වැඩබලන ජනපති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)




නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලීසියට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහය ලබාදෙන ලෙස වැඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වැඩබලන ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා. 

රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක ප්‍රධානී තමන්ගේන් කළ ඉල්ලීමකට අනුව බස්නාහිර පළාතේ ඇදිරි නීතිය පැනවීමටත් දිවයින පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන බවයි වැඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රකාශ කළේ.

අරගලයේ යෙදී සිටින ඇතැම් පිරිස් පාර්ලිමේන්තුව මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිවෙස් වටලන්න සූදානමින් සිටි බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.