Tuesday, May 14, 2024

General line - 0115112241

කොළඹට පැමිණෙන දුම්රිය නතර කරයි




බස්නාහිර පළාතට ඇදිරි නීතිය පැනවීමත් සමඟ මඟීන් දුම්රිය ස්ථාන කිහිපයකට අලාභ හානි සිදු කර තිබෙනවා. බස්නාහිර පළාතේ ධාවනය වෙමින් තිබූ දුම්රිය ආසන්නතම දුම්රිය ස්ථානයෙන් නතර කරන ලෙසට කාර්ය මණ්ඩලයට පාලන අධිකාරීය විසින් උපදෙස් ලබාදී ඇති බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය පැවසුවේ. 

ඒ අනුව කඑතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් පානදුර දුම්රිය ස්ථානයට සීමා කර තිබෙනවා. ඊට කුපිත වූ එම දුම්රියේ සිටි මගීන් පානදුර දුම්රිය ස්ථානයේ දේපලවලට හානි සිදු කර ඇති බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය පැවසුවේ. එමෙන්ම වේයන්ගොඩ හා සීදූව දුම්රිය ස්ථානවලද මගීන් කළහකාරී ලෙස හැසිරී තිබෙනවා. 

මේ අතර බස්නාහිර පළාතේ ප්‍රධාන දුම්රිය ස්ථාන රැසකම ආරක්ෂාව තර කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ.