Tuesday, May 14, 2024

General line - 0115112241

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙනුත් ඉල්ලීමක්




දේපලවලට හානි නොකර රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සහය වන්නැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ද ජනතාවගෙන් අද ඉල්ලීමක් කළා. ඒ, පොලිස්පතිවරයා ඇතු`එ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. 

බස්නාහිර පළාතේ ඇදිරි නීතිය පැනවීමෙන් අනතුරුව නගර වෙත පැමිණි ජනතාව දැනුවත් කිරීමට පොලීසිය පියවර ගත් බව නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළා. කෙසේ වෙතත් ගාලු මුව දොර අරගල භූමියේ සිටින පිරිස පැවසුවේ කිසිසේත් තමන් අරගල භූමියෙන් ඉවත් නොවන බවයි.  

මේ අතර  බස්නාහිර පළාතේ ෂධක්‍ පිරවුම්හල් බොහෝමයක් ආශ්‍රිතව ඉන්ධන ලබා ගැනීමේ අරමුණින්  තවදුරටත් ජනතාව රැදී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් වැඩිදුරටත් සදහන් කළේ.