Wednesday, May 15, 2024

General line - 0115112241

ඊයේ ඇතිවූ නොසන්සුන්තා වලින් 84කට තුවාල




ඊයේ ඇති වූ නොසන්සුන්තාවලින් රෝහල් ගත කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 84 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු වටරටවුම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඊයේ රාත්‍රි ඇති වූ නොසන්සුන්තාවලින් පමණක් තුවාල ලබා රෝහල්ගත කළ සංඛ්‍යාව 42 ක් බවයි මේවනවිට වාර්තා වන්නේ. 

ඒ අතර කාන්තාවන් 5 දෙනෙකු ද සිටින බවයි වාර්තා වුණේ. ආරක්‍ෂක අංශ සාමාජිකයින් කිහිප දෙනෙකුද එම නොසන්සුන්තාවලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.