Tuesday, May 14, 2024

General line - 0115112241

ජනපති රැගෙන යාමට පෞද්ගලික ගුවන් යානාවක් මාලදිවයිනට පැමිණෙයි




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මධ්‍යහනයට පෙර මාලදිවයිනෙන් පිටව යාමට නියමිතව ඇති බව එරට The Maldives Journal වෙබ් අඩවිය නිවේදනය කර සිටිනවා. ජනාධිපතිවරයා රැගෙන යෑම සඳහා පෞද්ගලික ගුවන් යානාවක් මාලදිවයිනේ, වැලේනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබා ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේදී සිංගප්පුරු ගුවන් සේවයට අයත් ගුවන් යානාවකින් සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුනද ආරක්ෂක හේතුන් මත ඔහු සිය ගමන අවලංගු කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

මේ හේතුව අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට පෞද්ගලික ගුවන් යානයක් ලබා දෙන මාලදිවයිනේ රජයෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබූ බවයි වාර්තා වුයේ.

ජනාධිපතිවරයා සිංගප්පුරුවට ලඟා වීමෙන් අනතුරුව ඔහු එහි සිට යුරෝපයේ ගමනාන්තයක් කරා පිටව යෑමට නියමිත බවයි වාර්තා වන්නේ.