ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පුරුව බලා පිටත්ව ගිය බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ජනාධිපතිවරයා ඇතුළු පිරිස මාලදිවයිනේ සිට සිංගප්පුරුව බලා පිටත්ව ඇත්තේ සෞදි අරාබියේ SV-788 ගුවන් යානයෙන් බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා ඉන් පසුව එම ගුවන් යානයෙන්ම සිංගප්පුරුවේ සිට සෞදි අරාබිය බලා යාමට නියමිතව ඇති බවයි මාලදිවයින් බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.