Wednesday, May 15, 2024

General line - 0115112241

අරගලය ගැන වැඩබලන ජනපතිගෙන් ප්‍රකාශයක්




ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජන අරගලය, ෆැසිස්ට්වාදීන්ගේ බලපෙරළියකට හැරවීමට තමන් කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වැඩබලන ජනාධිපතිවරයා පවසන්නේ ඔබ රැකගැනීමට අරගල කරන රට,  විනාශ කරන්නට ඔවුන් කුමන්ත්‍රණ කරන බවයි. කැරලි සහ ව්‍යවස්ථා රාමුවෙන් පිට සිදුවූ අරගල හේතුවෙන් අපි රටක් ලෙස මුහුණ දුන් පීඩාකාරී තත්ත්වයන් අප සියලු දෙනාට අත්දැකීම් ඇති බවයි එම ෆේස්බුක් සටහනේ දක්වා ඇත්තේ. 

එවන් යුගයක් යළි බිහි නොවන්න තමන් ෆැසිස්ට්වාදයට එරෙහි සටනින් පසු නොබසින බවද ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.