Tuesday, May 14, 2024

General line - 0115112241

ජනපතිගේ ඉල්ලා අස්වීමේ හෙට දක්වා ප්‍රමාද වෙයි




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාලව යොමු කළ ලිපිය විද්‍යුත් තැපැල් මාර්ගයෙන් කතානායක කාර්යාලය වෙත ලැබි ඇති බව එම කාර්යාලය තහවුරු කර සිටිනවා.
 
එම ලිපියේ වලංගු භාවය තහවුරු කර ගැනීමෙන් පසුව ඊට අදාළ නිල නිවේදනය හෙට ප්‍රකාශයට පත් කරන බව කතානායක කාර්යාලය සඳහන් කර සිටියේ. 
 
මෙම ලිපිය සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා එරට සිටින ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික බලධාරීන් ලවා පියවර ගන්නා බවද කතානායක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.